ප්රංශය තුළ යළිත් ත්රස්ත අවදානමක් ඇති කළ සිදුවීමක් ඊයේ (18දා) වාර්තා වෙමින් එරට ඔර්ලි ගුවන් තොටුපොළේදී සැකකටයුතු පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම ගුවන් තොටුපොළේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ අයෙකුට මෙසේ වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සිදුවීමත් සමග ගුවන් තොටුපොළේ සිටි ඇතැම් පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, වෙඩි ශබ්දයත් සමග ගුවන් තොටුපොළෙ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා යළි හරවා යවා ඇති බවද සඳහන් වෙයි.
එරට ලූවර් කෞතුකාගාරය අසලදීද තියුණු ආයුධයකින් හමුදා නිලධාරියෙකුට පහරදීමට තැත් කළ අයෙකුට වෙඩි තබා තිබුණේ පසුගිය මාසයේදීය.
ප්රංශය තුළ ඉස්ලාම් රාජ්ය ත්රස්ත අවදානම පසුගිය වසරේ සිට ඉහළ ගොස් තිබුණු අතර, පැරිස් ප්රහාරයෙන් පසුව එරට ජනතාව ගැවසෙන සෑම ස්ථානයකම ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.