ප්රංශ මහ මැතිවරණයෙන්ද ජනපති මැක්රෝන් ඉදිරියට
ප්රංශයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්රථම වටයේ ඡන්ද විමසීමෙන් කැපී පෙනෙන ජයක් අත්පත් කරගැනීමට ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ 'එන් මාර්චේ' පක්ෂය සමත්ව තිබේ.
තවමත්, වසරකවත් ආයු කාලයක් නොමැති ජනාධිපතිවරයාගේ 'එන් මාර්වේ' පක්ෂය මෙවැනි දැවැන්ත ජයග්රහණයක් හිමිකර ගැනීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම මැතිවරණයේ දෙවැනි වටය එලැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එයද මෙවැනිම ජයග්රහණක් හිමිවනු ඇති බවටද අනාවැකි පළවෙමින් තිබේ.
ප්රංශ මැතිවරණ කොමිසමට අනුව, පළමු වටය අවසානයේදී එන් මාර්චේ ඇතුළු සන්ධානගත පක්ෂ 32.32% ක ඡන්ද ප්රතිශතයක් ලබාගනිද්දී, ප්රංශ රිපබ්ලිකන් පක්ෂය සහ සන්ධාන ගත පක්ෂ වෙත හිමිව ඇත්තේ 21.56% ක ප්රතිශතයක් පමණි.
එසේම ජාතික පෙරමුණ පක්ෂයට 13.20% ක ඡන්ද ප්රතිශතයක් හිමිව තිබේ. කෙසේ වෙතත්, මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීම 50%කටත් වඩා අඩු මට්ටමක පැවතීමද විශේෂත්වයකි.
	
.jpg)
.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                