ප්‍රංශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිය පවුල්වල සාමාජිකයන්ද සමගින් රුසියාවට අයත් ක්රිමියානු අර්ධද්වීපයේ සංචාරයක නිරත වන බව බී.බී.සී.ය පවසයි.
මෙම අර්ධද්වීපය රුසියාව ඇඳා ගැනීමෙන් පසුව මෙවැනි බටහිර පිරිසක් සංචාරය කරන පළමු වැනි අවස්ථාවද මෙයයි.
ඒ අනුව, එරට රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ.
මේ අතර, ප්‍රංශ විදේශ අමාත්‍යාංශයද පවසා ඇත්තේ මෙම සංචාරය ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් බවයි. යුක්රේනය පවසා ඇත්තේ එම මන්ත්‍රීවරු වගකීමෙන් තොරව කටයුතු කර ඇති බවයි.