ගිණිකොණදිග ප්රංශයේ මහා මාර්ගක ගමන් කළ බස් රථයක් වෙත එල්ල වූ වෙඩි ප්රහාරයකින් එම බස් රථයේ ගමන් කළ 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම බස් රථයේ චෙක් ජාතික සංචාරකයන් 75 දෙනෙකු ගමන් කර ඇති අතර, එහි වැඩි පිරිස පාසල් දරුවන් බවත්, මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් කියයි.
මෙම වෙඩි තැබීම සඳහා දඩයම් සඳහා යොදාගන්නා රයිෆල් භාවිත කර ඇති බවත්, ඒ7 මාර්ගයේ පාලමක් මතදී මෙම බස් රථය ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බවත් කියයි.
කෙසේ වෙතත්, මෙම වැඩි තැබීමට හේතුව තවම සොයාගෙන නොමැති අතර, තුවාල ලැබූවන්ගෙන් අයෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් වාර්තා පවසයි.