ප්‍රංශයේ නිෂ්පාදිත රෆාල් ප්‍රහාරක යානා ඉන්දියාවට ලබාදීම පිළිබඳ වූ ඇ.ඩො.බිලියන 09ක ගනුදෙනුව සඳහා තම රජය සූදානමින් සිටින බව ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ පවසයි.
ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළ ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ මෙම අදහස් දක්වා තිබේ.
නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ළඟා වූ ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාව සමග යුද සම්මුතියක්ද, න්‍යෂ්ටික හා සූර්ය බලශක්ති සම්මුතියක්ද ඇතිකර ගැනීමට නියමිතය.
එහිදී, ප්‍රංශ න්‍යෂ්ටික බලාගාර 06ක් බටහිර ඉන්දියානු කලාපයේ ඉදිවීමට නියමිත බවද අනාවරණය කෙරිණි.