ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර ප්‍රථම වරට මුහුණට මුහුණ සාකච්ඡාවක් පැරීසියේදී සිදුව තිබේ.
සිරියාව මෙන්ම යුක්රේනය සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර මතභේද පැවති වටපිටාවක මෙම සාකච්ඡා සිදුවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරණයට පෙර මැක්රෝන් සමග තරග කළ ලී-පෙන් රුසියාවේදි ව්ලැඩිමීර් පූටින් හමුවී සාකච්ඡා කළ අතර, මැතිවරණයේදී මැක්රෝන්ගේ ඡන්ද ව්‍යාපාරයට රුසියානු සයිබර් ප්රහාරකයන්ගෙන් බලපෑම් එල්ල වූ බවටද චෝදනා විය.
කෙසේ වෙතත්, පිරීසියේ ට්රියෑනන් මන්දිරයේදී සිදුවූ සාකච්ඡාව දෙපාර්ශ්වයටම අතිශය වැදගත් සාකච්ඡාවක් වූ බව සඳහන් කෙරිණි.
.jpg)
.jpg)