ප්‍රංශයේ පැරිස් නුවර හා තදාසන්න නගරවල දේවස්ථාන වෙත පහරදීමට සැලසුම් කළ පුද්ගලයෙකු ප්‍රංශ පොලීසිය විසින් අතුඅඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
සයීඩ් අහ්මෙඩ් ඝාලම් නමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා ඇල්ජීරියානු ජාතිකයෙකු බවත්, ඔහු වැරදීමකින් තමා වෙතම වෙඩි ප්‍රහාරයක් තබාගැනීමෙන් පසු ගිලන් රථයක් ඇමතූ අව්සථාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව කියැවෙයි.
මේ අතර, මොහු කාන්තා මරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්වන බවද පැවසෙයි.
ප්‍රංශයේ චාලීස් හෙබ්දෝ මාධ්‍ය ආයතනයත්, පසුව යුදෙව් වෙළෙඳ සංකීර්ණයත් ඉලක්ක කරමින් එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට ආරක්ෂාව තර කර තිබේ.