ප්‍රංශයේ වොල්වික් ජල බෝතල්වල ප්ලාස්ටික් කැබලි මිශ්‍ර වීමක් පවතින බව සඳහන් කරමින් ජපානය වෙත ගෙන්වන ලද ජල බෝතල් මිලියන 3.7ක් යළි කැඳවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජපානයේ වොල්වික් ජල බෝතල් බෙදාහරින්නා ලෙස සැලකෙන කිරින් බෙවරේජස් සමාගම පවසන්නේ ප්‍රංශයේ වොල්වික් සමාගමේ ජල පිරිසුදු කිරීමේ යන්ත්‍රයක් සිදුවූ දෝෂයක් හේතුවෙන් එහි ප්ලාස්ටික් කොටසක් විශාල ජල බඳුනකට වැටී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටින ජපානයේ කිරින් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මෙයින් කිසිදු සෞඛ්‍ය තර්ජනයක් ඇතිව තිබෙන බවට වාර්තා වී නොමැති බවයි.
මේ ආකාරයෙන් යළි කැඳවා ඇති ජල බෝතල් මිලිලීටර් 500 ප්‍රමාණයේ බෝතල් වන අතර, කාලය ඉකුත්වීමේ දිනය 2019 ඔක්තෝබර් දක්වා වූ ජල බෝතල් සඳහා මෙය ඇතුළත් බවද ඔවුහු පවසා තිබේ.