පරම්පරාගත හදවත් රෝග ඇති කරවන දෝෂ සහිත ඩී.එන්.ඒ. කලළ යළි සකස් කිරීම ප්‍රථම වරට සාර්ථක වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
ඒ අනුව, පරම්පරාවෙන් පරාම්පරාවට උරුම වන 10,000කට අධික ආබාධ තත්ත්වයන් පිටුදැකීම සඳහා දොරගුළු විවර වීමක් මෙම පර්යේෂණ ප්‍රතිඵලය හරහා සිදුවිය හැකි බවද ඔවුහු පවසති.
ඇමෙරිකානු හා දකුණු කොරියානු විද්‍යඥ කණ්ඩායමක් විසින් සිදුකර ඇති මෙම පර්යේෂණය ආරම්භ වීමට පෙර අදාළ කලළයට වැඩීම සඳහා දින පහක කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව, මෙම පර්යේෂණ ප්‍රතිඵලය අනාගත සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී පියවරක් තබනු ඇති බව කියවුණත්, එය කොතරම් දුරට සදාචාරාත්මකද යන්න පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් අප ඉදිරියෙහි පවතී.