රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් චතුරස්රය වෙත පැමිණි තුර්කි ජනපති රෙසිප් තයේප් එර්ඩෝගාන්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සමග යළි ද්වීපාර්ශ්වික සාකච්ඡා අරඹා ඇත.
ඒ අනුව, රුසියාව තුර්කිය සමග යළි ආර්ථික සහයෝගීතාවක් ඇති කරගැනීමටද සූදානම් බව රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේය.
තුර්කියේ සිදුවීමට ගිය හමුදා කුමන්ත්රණයෙන් පසුව තුර්කි ජනපතිවරයා සිදුකරන පළමු වැනි විදෙස් සංචාරය ලෙස රුසියානු සංචාරය සැලකෙයි.
රට තුළ සිදුවීමට ගිය හමුදා කුමන්ත්රණයෙන් පසුව රුසියාවේ දෑත් තුර්කිය වෙත දිගුවීම පිළිබඳ එර්ඩෝගාන් ජනපතිවරයා සිය ස්තූතිය රුසියාව වෙත පුදකර සිටියේය.
පසුගිය නොවැම්බර් මාසයේදී සිරියානු දේශසීමා ආසන්නයේදී රුසියානු ගුවන් යානයක් තුර්කි හමුදා විසින් බිම හෙළීමත් සමග දෙරට අතර සබඳතා බිඳ වැටුණි.