නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය මයික්‍රෝසොෆ්ට් වෙත
නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇ.ඩො.බිලියන 7.5කට මිලදී ගැනීමේ ගනුදෙනුව මයික්‍රොසොෆ්ට් සමාගම අවසන් කළ බව වාර්තා වෙයි.
මෙම සමාගම් දෙක අතර වූ මෙම ගනුදෙනුව මෙම වසර මුලදී සිදු වුවත්, නියාමන අනුමැතිය ලැබෙන තුරු එය අවසන් නොවීය.
ඒ අනුව, මෙම ගනුදෙනුව අවසන් වීමත් සමග නොකියා විසින් ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම නතර කිරීම සිදුවනු ඇති බව පැවසෙයි.
නොකියා උපාංග හා නොකියා සේවා ව්‍යාපාරයක් අපේ ව්‍යාපාර පවුල වෙත අද දිනයේ සාදරයෙන් පිළිගන්නවා යැයි මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා පවසා සිටියේය.
ජංගම උපාංගවල හැකියාවන් හා ඒ වත්කම් අපේ ව්‍යාපාරයේ පරිවර්තනය තවදුරටත් ඉහළට ඔසවාවි යැයි ඔහු වැඩිදුටරත් පවසා සිටියේය.
ඒ අනුව, ෆින්ලන්ත නොකියා සමාගම ඉදිරියේදී නෙට්වර්ක්, මැපින්ග් සේවා, තාක්ෂණික සංවර්ධනයන් සහ බලපත්‍ර නිකුත් කිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

