තාක්ෂණය දිනෙන් දින දියුණු වන ලෝකයේ නොඉපදුණු බිළිඳා ඉපදීමටත් පෙර, දෙමවුපියන්ගේ අතේ තබන කතාවක් මාධ්‍යයේ වාර්තා විය.
ඩේලිමේල් පුවත්පත වාර්තා කර තිබූ මේ මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් කියා තිබුනේ, මෙය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ හාස්කමක් ලෙස සිදුකරන්නක් බවය. එනම්, මවගේ ගර්භාෂයේ තැන්පත්ව සිටින දරුවා, ගර්භාෂය තුළ සිටින ආකාරයෙන්ම ත්‍රිමාණ මුද්‍රණයෙන් ලබාගත් දරුවාගේ අනුරුවක් දෙමවුපියන් වෙත ලබාදෙන බවය.
ඒ වෙනුවෙන් ‘අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්’ පරීක්ෂණයක් සිදුකර දරුවා මවගේ ගර්භාෂයේ තැන්පත්ව සිටින ආකාරය පරිගණකගත කිරීමක් මුලින්ම සිදුකරන බවත්, පසුව දරුවාගේ ශරීර ස්වභාවය, මුහුණේ ඉරියව්, අඟපසඟ, සමේ වර්ණය ආදී සියල්ල ඒ ආකාරයෙන්ම මේ අනුරුවට ලබාදෙන බවත් එහි සඳහන් විය.
එහිදී කුස තුළ සිටින දරුවාගේ ශරීර ප්‍රමාණය අනුව මේ අනුරුවේ මිල ගණන්ද වෙනස් වන බවත්, ස්ටර්ලිං පවුම් 200 සිට 600 දක්වා මිල ගණන් යටතේ මෙවැන්නක් සාදවාගත හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.
කැලිෆෝනියාව කේන්ද්‍රකර ගත් සමාගමක් විසින් දැනට මෙම බිළිඳු ත්‍රිමාණ නිර්මාණ සිදුකරන අතර, මවගේ කුස තුළ දරුවා සිටින අවධිය ජීවිත කාලයටම ලැබෙන සුවිශේෂී අත්දැකීමක් නිසා එය සදා අනුස්මරණීය මතක සටහනක් කරගැනීමේ අවස්ථාව දෙමවුපියන්ටත්, දරුවාටත් ලබාදීමට මෙවැන්නක් සිදුකරන බවද ඔවුන් පවසා ඇතැයි වාර්තා විය.
තාක්ෂණය දියුණුවත්ම මෙවැනි නව සංකල්ප ලෝකයට ආවත්, ඒවා මිනිස් සමාජයේ යහපතට යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවද අප සිහිතබා ගත යුතුය. මෙය දරුවාට හෝ මවට හානියක් නොවනවා නම්, එහි වරදක් නොමැති වුවත්, මවගේත්, දරුවාගේත් ඒකාත්මික බැඳීම මෙවැනි නිර්මාණයකට ලඝු කර සදාරනුස්මරණීය කිරීමට නම් අවශ්‍ය නොවන බවද අවසන් වශයෙන් පැවසිය යුතුය.