නේපාලය තුළ ළමා විවාහ සිදුවීමේ සම්ප්රදාය නැවැත්වීමට එරට රජය විසින් ප්රමාණවත් තරම් උත්සාහයක් නොගන්නා බවට චෝදනා නැගෙයි.
නේපාලයේ ජීවත් වන සෑම ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 18 වීමට පෙර විවාහ දිවියට ඇතුළු වන බවත්, එය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවත් හිටුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
මේ නටන ගයන සමයයි යනුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සංවිධානය මෙම කරුණු අනාවරණය කර ඇති අතර, එසේ අඩු වයසින් ජීවත්වන දරුවන්ගෙන් වැඩි දෙනෙක් එරට මුල් පදිංචිකරුවන්ගේ ප්රජාවන්ට අයත් දරුවන් බවද පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, නේපාල අධිකරණය විසින් ළමා විවාහවලට නීතියෙන් ඉඩක් ලබා නොදුන්නත්, එම නීතිය ක්රියාත්මක වීමේ දුර්වලතා පවතින බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.