අධික වර්ෂාවත් සමග නේපාලයේ හා උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 160කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම, මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර තවත් 130කට අධික පිරටිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.
නේපාල බලධාරීන් පෙන්වාදෙන පරිදි නේපාලයේ පමණක් පුද්ගලයන් 101 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, උතුරු ඉන්දියාවේ තවත් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රජයේ හදිසි ආපදා සේවා මධ්‍යස්ථානය පැවසුවේ ඉරිදා කාලගුණික තත්ත්වය යහපත් වූ බැවින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස හෙලිකොප්ටර යානා 4ක් සහ සහන සේවකයන් 2000ක් යෙදවූ බවයි.
විනාශයට පත් ප්‍රදේශ වල ගංවතුරට කොටු වී සිටින පිරිස් ඉවත් කිරීම සහ බෝට්ටු මගින් සහනාධාර සැපයීම මෙම සහන සේවකයන් විසින් සිදු කරනු ලැබූ බව පැවසෙයි.