නේපාල බස් අනතුරින් 33ක් ජීවිතක්ෂයට 35ක් තුවාලයි
නේපාලයේ, කෙව්රෙපලන්චොක් දිස්ත්රික්කයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථය ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මින් තවත් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
නේපාල ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදාගනිමින් තුවාලකරුවන් කත්මණ්ඩු නුවර රෝහල් වෙත ගෙන යෑමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරින් සිදුවූ ජීවිත හානි ප්රමාණය මීට වඩා වැඩිවිය හැකි බවද නේපාල බලධාරීහු පවසති.
අනතුරින් පසුව ප්රපාතය පහළ මළ සිරුරු කොටස් රැසක් විසිරී තිබූ බවත්, සහන කණ්ඩායම් හා පොලීසියට එම සිරුරු එක්රැස් කිරීම මෙන්ම, තුවාලකරුවන් බේරාගැනීමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවූ බවද කියැවෙයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොවූවත්, එය මීටර් 300ක පමණ ප්රපාතයකට පෙරළී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
