නේපාලයේ, එවරස්ට් කන්ඳ ඇතුළු කඳු මුදුන් වෙත තනිව සිදුකරන කඳු තරණයන් නැවැත්වීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
එවරස්ට් කන්ද ඇතුළුව නේපාලයේ වූ කඳු තරණයේදී සිදුවන අනතුරු වැළැක්වීමත්, කඳු තරණයේදී සිදුවන ජීවිත හානි අඩුකර ගැනීම සඳහාත් මෙම පියවර ගත් බව නේපාල සංචාරක බලධාරීහු පවසති.
මෙම වසර තුළ වාර්තාගත පිරිසක් එවරස්ට් තරණය සඳහා උත්සාහ ගෙන තිබුණත්, ඊට සාපේක්ෂව විශාල අනතුරු සංඛ්‍යාවක්ද මෙම වසර තුළ වාර්තා වී තිබුණි.
මෙවර එවරස්ට් තරණයේදී මේ දක්වා මරණ 6ක් සිදුව ඇති අතර, එසේ ජීවිතක්ෂයට පත්වූවන් අතර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස එවරස්ට් තරණය කරමින් යළිත් වරක් තම වාර්තාව අලුත් කිරීමට ගිය 85 හැවිරිදි මින් බහ්දූර් සර්චෑන්ද වෙයි.
එමෙන්ම, ලොව ප්‍රකට කඳු තරණය කරන්නෙකු වූ ස්විට්සර්ලන්ත ජාතික උඒලි ස්ටෙක් තනිව එවරස්ට් තරණයට උත්සාහ කිරීමෙන් ජීවිතක්ෂයට පත්විය.