මිසිසිපි ගංගාව මුහුදට වැටෙන ලුසියානා ප්‍රාන්තයේ ගං මෝය ආසන්නයෙන් නේට් සුළ කුණාටුව ඇමෙරිකාව වෙත ඇතුළු වී ඇති බව ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
පැයට කිලෝමීටර් 137ක සුළං දහරාව සමග ඇදී එන සුළි කුණාටුවේ වේගවත් සුළං දහරාව උතුරු දෙසට ගමන් කරන බවත්, මිසිසිපි ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශය වෙත සුළි කුණාටුවේ දෙවැනි ගොඩබිම් ප්‍රවේශය සිදුවනු අති බවත් එම මධ්‍යස්ථානය පවසයි.
ලුසියානා, මිසිසිපි, ඇලබාමා සහ ෆ්ලොරිඩාවේ කොටසක ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආරම්භයේදීම අනතුරු අඟවා තිබුණි.
නේට් සුළි කුණාටුව ආරම්භයේදී බලපෑම් කළ නිකරගුවා, කොස්ට රිකා සහ හොන්ඩූරාස් යන රාජ්‍යයන් හි මේ වනවිටත් ජිවිත 25ක් සුළි කුණාටුව හේතුවෙන් අහිමි වී තිබේ.
පසුගිය මාසයේදී ඇමෙරිකාවට කඩා වැදුණු අර්මා සුළි කුණාටුව හා මාරියා සුළි කුණාටුව තරම් ප්‍රබල නොවූවත්, සුළි කුණාටුවේ වර්ධනයත් සමග නේට් සුළි කුණාටුවද ප්‍රබල සුළං දහරා ඇති කරනු ඇති බව ඇමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.