නෙදර්ලන්ත මහ මැතිවරණයෙන් පාලක මධ්‍ය දක්ෂිණාංශික වී.වී.ඩී පක්ෂය යළිත් වරක් බලය අත්පත් කරගෙන තිබේ.
මෙම ජයග්‍රහණය සමරමින් එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් පවසා සිටියේ වැරදි මතයක් දැරූ ජනතාවාදය පරාජයට පත්ව ඇති බවයි.
සමස්ත ඡන්ද ගණනය කිරීම අවසන් වනවිට සංක්‍රමණික විරෝධී නිදහස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබුණි.
යුරෝපය පුරා පැතිරී යන ජාතිකවාදී දේශපාලනය පරීක්ෂණයට බඳුන් කිරීමේ මැතිවරණයක් බවට නෙදර්ලන්ත මැතිවරණය පත්වූ අතර, ඉදිරියේදී ප්‍රංශයේ හා ජර්මනියේද මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ.