නෙදර්ලන්තයේ ගුවන් සංදර්ශනයක් අතරතුරදී ස්විට්සර්ලන්ත ප්රහාරක යානයක් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එෆ්.5-ඊ වර්ගයේ ගුවන් සංදර්ශන සඳහාම යොදා ගන්නා ගුවන් යානයක් එම සංදර්ශනය අතරතුර තවත් යානය ගැටීමෙන් පසුව අසල වූ ජලාශයකට පතිත වී තිබේ.
මෙම අනතුරත් සමගම යානය ක්ෂණිකව කඩාගෙන වැටුණත්, එහි නියමුවාද ක්ෂණිකව යානයෙන් නික්මී ඇති අතර, ඔහු සුළු තුවාල ලබා බේරී තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරින් භූමියේ සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පවසයි.