නිව්ටවුන් සුළි කුණාටුව මෙක්සිකෝවේ වයඹදිග ලොස් කබෝස් වෙත ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශාල වෘක්ෂයන් බිම හෙළමින් වඩාත් චණ්ඩ අයුරින් මෙක්සිකෝව වෙත ඇතුළු වූ සුළි කුණාටුව හේතුවෙන් බොහෝ නිවාස වහල ගැලවී ගොස් ඇත.
පැයට කිලෝමීටර් 145ක පමණ වේගයකින් භූමිය වෙත පැමිණි සුළි කුණාටුවෙන් බේරීම සඳහා එරට බොහෝ පළාත්වල පෙර සූදානමක් පැවති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවූවත්, දැඩි සුළං සමග ඇති වූ මහා වරුෂාව හේතුවෙන් ජල ගැලීම් හට ගැනීමේ අවදානමක් මතුව ඇති බව බලධාරීහු පවසති.
මෙම ලොස් කබෝස් ප්‍රදේශය සංචාරක පාරාදීසයක් ලෙසද සැලකෙන අතර, සාමාන්‍යයෙන් සංචාරකයන් 14,000ක් පමණ නිරන්තරයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිටින බවද කියයි.