සියෙරා ලියෝන් හි ඉබෝලා රෝගීන් වෙත ප්‍රතිකාර කරමින් සිට ඉබෝලා වෛරසය ශරීරගත වූයේ යැයි සැක කෙරුණු ඇමෙරිකානු හෙදියට ඉබෝලා වැළඳී නොමැති බව පවසමින් ඉදිරි පැය කිහිපය තුළ ඇයට රෝහලෙන් නික්ම යෑමට අවස්ථාව ලැබෙනු ඇති බව කියැවෙයි.
නිව් ජර්සි හි විශේෂ රෝහලක රැඳී සිටින කාසි හිකොස් නම් වූ ඇය මෙයිනේ ප්‍රාන්තයේ සිය නිවෙස බලා ගමන් කරනු ඇති බව කියැවෙයි.
තමන් සියෙරා ලියෝන් සිට නැවත ඇමෙරිකාවට පැමිණි පසුව බරපතල අපරාධ කාරයෙකු ලෙස තමන්ට සැලකූ බව පවසමින්, නීතිමය පියවර ගන්නා බව මීට පෙර ඇය කියා තිබුණි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ද කියා තිබුනේ බටහිර අප්‍රිකාවේ සිට පැමිණෙන සෞඛ්‍ය සේවකයන්ට ඉබෝලා ආසාධනය වී නොමැති නම් ඔවුන් කිසිම ආකාරයකින් රඳවා තබාගැනීමක් නොකරන ලෙසය.