ජල ලීටර් මිලියන භාගයක් රැගත් විශේෂ දුම්රියක් දැඩි නියඟයකට ගොදුරුව සිටින ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්තය වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.
විශේෂ ජල බවුසර් 10කින් සැදුම්ලත් මෙම විශේෂ ජල දුම්රිය එම නියඟයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ලාටූර් දිස්ත්‍රික්කය වෙත වැඩි වශයෙන් ජලය සැපයීම ඉලක්ක කර තිබුණි.
ඉන්දීය දුම්රිය අමාත්‍ය සුරේෂ් ප්‍රභූ පවසා සිටියේ විශේෂයෙන්ම තෙල් සැපයීමට යොදා ගන්නා මෙම දුම්රිය, විශේෂ උණුසුම් පිරිසුදු කිරීමකට ලක්කිරීමෙන් පසුව ජලය ප්‍රවාහනය සඳහා යොදාගත් බවයි.
එම දිස්ත්‍රික්කය තුළ ජල අර්බුදයේ උග්‍ර බව වඩාත් ප්‍රකට කරමින්, ජල කරාමයක් අසල පුද්ගලයන් 5 දෙනෙකුට වඩා එකවර රැඳී සිටීමද බලධාරීන් විසින් තහනම් කර තිබේ.