පේරු රාජ්‍යයේ පවතින අපරාධ හා ගැටුම්වලට එරෙහිව සියලු දෙනාගේ එක්සත් වීමක් අපේක්ෂා කරන බව එරට සිරභාරයේ සිට කලින් නිදහස ලැබූ හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි පවසයි.
"ගැටුම් තුරන් කළ සහ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කළ රටක ජීවත්වීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා" යැයි ඔහු පවසා ඇත.
බලය අයුතු ලෙස යොදාගැනීම සහ දූෂණ චෝදනා හේතුවෙන් වසර 25ක සිරි දඬුවමකට නියම කෙරුණු හිටපු ජනාධිපතිවරයා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් දශකයකට පසුව කලින්ම නිදහස ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.
වත්මන් ජනපති පේඩ්‍රෝ පැබ්ලෝ කුක්සින්ස්කි විසින් ඔහුට ජනාධිපති සමාවක් ලබාදෙමින් මෙම නිදහස ලබා දුන්නද, ඊට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක්ද ඇරඹී තිබුණි.
මේ හේතුවෙන් රටේ අස්ථාවරභාවයක්ද නිර්මාණය වෙමින් පැවති අතර, හිටපු ජනපතිවරයා රට තුළ එක්සත් වීමක් අපේක්ෂා කරන්නේ මේ තත්ත්වය තුළය.