රුසියානු හිතවාදීන්ගේ බල කඳවුරක් ලෙස සැලකෙන නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාතේ දරුණු ගැටුම් උද්ගතව ඇති බව යුක්රේන බලධාරීහු පවසති.
මෙම ප්රහාරවලදී සිවිල් වැසියන්ටද හානි සිදුව ඇති බව වාර්තා වන අතර, රුසියානු හිතවාදී කැරලිකරුවන් යටතේ පවතින ඩොනෙට්ස්ක් පළාත යළි අත්පත් කරගැනීමේ රජයේ හමුදා මෙහෙයුම් යටතේ මෙම දරුණු ගැටුම් ඇවිලී ඇති බව කියැවෙයි.
වාර්තාවන්ට අනුව, අධිබල පිපිරුම් හඬ හා වෙඩි හඬවල්ද ප්රදේශය ආසන්නයෙන් දිගින් දිගටම ඇසෙන්න බව කියැවෙයි.
පසුගිය සති කිහිපය තුළ යුක්රේන හමුදාව රුසියානු හිතවාදී කැරලිකරුවන්ට එරෙහිව ජයග්රහණ අත්කරගනිමින් සිටින අතර, ඒ අනුව, කැරලිකරුවන්ගේ බල කඳවුරු ලෙස සැලකෙන ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් වෙත මෙම මෙහෙයුම් පැමිණෙමින් තිබේ.