උතුරු කොරියාවේ ඒකාධිපති පාලක කිම් ජොන්-උන් කොණ්ඩය කපන ආකාරයට රටේ සෙසු පුරුෂයන්ද කොණ්ඩ කැපිය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇතැයි එරටින් වාර්තා වෙයි.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එරට රජයේ අනුදැනුම ඇතිවය.
මේ අතර, තවත් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ රට වැසියාට කියා සිටියත් නැතත්, තම නායකයාගේ කොණ්ඩා මෝස්තරය මේ වනවිට රට පුරා ප්‍රචලිතව ඇති බවය.
කෙසේ වෙතත්, චීනයේ ජීවත් වන උතුරු කොරියානු ජාතිකයෙක් පවසන්නේ කිම් ජොන්-උන්ගේ කොණ්ඩා මෝස්තරය චීනයේ හොර ජාවාරම්කාරයන්ට සමාන එකක් බවය.
උතුරු කොරියාවේ වත්මන් නායක තරුණ කිම් ජොන්-උන්ගේ පියා වූ හිටපු පාලක කිම් ජොන්-ඉල් වසර 17ක් උතුරු කොරියාව පාලනය කළේය. ඔහුද සිය පෙනුම සම්බන්ධයෙන් බොහෝ සේ උනන්දු වූ පුද්ගලයෙකු ලෙස කියැවෙයි.
එතරම් උස පුද්ගලයෙකු නොවුණු නිසා තමන් උස පුද්ගලයකු හැටියට පෙනී සිටීම සඳහා ඔහු පිම්බුණු හිසකෙස් සහිත කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටියේය.