ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික යුද අවදානමකට පෙර සූදානමක් ලෙස තමන් හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූ බවත්, එය ස්වෛරී රටක අයිතිය බවත්, කිසිවෙකුට එය විවේචනය කළ නොහැකි බවත් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් පවසා ඇත.
පෙර සූදානමින් තොරව පසුගිය බදාදා උතුරු කොරියාව සිදුකළ සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම ඇමෙරිකාවේ මෙන්ම චීනයේද උදහසට ලක්ව තිබේ.
මේ අතර, ඇමෙරිකාව පවසන්නේ ඔවුන් කිසිම අවස්ථාවක දකුණු කොරියාවේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමක් සිදුකර නොමැති බවයි. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මෙම ක්‍රියාවත් සමග මූලෝපාය අවි ආයුධ කොරියානු අර්ධද්වීපය ආශ්‍රිතව ස්ථාපිත කිරීමට තමන් දකුණු කොරියාව සමග සාකච්ඡා කරමින් සිටින බව ඇමෙරිකාව පවසා තිබේ.
මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙසේ ස්ථාපිත කරන අවි ආයුධ අතර බී-2 හා බී-52 බෝම්බ හෙලන ගුවන් යානා මෙන්ම න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ සබ්මැරීන්ද පැවතිය හැකි බව කියැවෙයි.
රික්ටර් පරිමාණ 5.1ක පමණ කම්පනයක් ඇති කළ හැකි මෙම බෝම්බයේ ප්‍රබලත්වය, උතුරු කොරියාව 1980 වසරේදී පාලක කම්කරු පක්ෂ මහා සමුළුවේදී ප්‍රකාශයට පත්කළ හයිඩ්රජන් බෝම්බය තරම් ප්‍රබලත්වයක් නොගන්නා බවද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෝ පවසති.