නළ දරුවෙකු ලෙස 24 වසක් ශීතකරණයේ සිටි එමා
නළ දරු උපත් ක්‍රමවේදය ආරම්භ වීමෙන් පසුව පිළිසිඳ ගැනීම සහ උපත අතර වැඩිම කාල පරාසයක් සහිත දරු උපත ලෙස වසර 24කට අධික කාලයක් අධි ශීතකරණයක තැබූ මූලික අවස්ථාවේ කලලයකින් දරුවෙකු බිහි වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේදී පසුගිය නොවැම්බර් මාසයේදී මෙළොව එළිය දුටු බිළිඳිය වූයේ එමා ගිබ්සන්ය.
එසේ වසර 24කට පෙර අධි ශීතකරණයක තැන්පත් කළ මූලික අවස්ථාවේ කලලය ඇගේ මව වන ටීනා ගිබ්සන්ගේ ගර්භාෂයේ තැන්පත් කර තිබුණේ පසුගිය මාර්තු මාසයේදීය.
එම දරුවා මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, එදා කලලය අධි ශීතකරණයක තැන්පත් කරන අවස්ථාවේදී මෙදා මෙම දරුවා බිහිකළ මවගේ වයසද දැන් වසර 26කි.
මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් අධි ශීතකරණවල තබන කලල වෛද්‍යවරුන් විසින් හඳුන්වනු ලබන්නේ හිම බිළිඳුන් ලෙසිනි.
මෙහිදී, මෙම කලල ගිබ්සන් යුවළ වෙත පරිත්‍යාග කළ ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය තුළ සිදුවන්නේ යම් අයෙකුට අවශ්‍ය නොමැති මූලික අවස්ථාවේ කලල ප්රදානය කිරීම සඳහා අවස්ථාව ලබාදීම බව කියැවේ.
ඒ අනුව, වෙනත් යුවලකට දෙමවුපියන් වීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ වී ඇත.
මෙම දරු උපතද නළ දරු උපතක් ලෙස සිදුව තිබුණේ ටීනා ගිබ්සන්ගේ සැමියාගේ සරුභාවය සම්බන්ධයෙන් ගැටලු පැවති බැවිනි.
එදවස බුදුරාජණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක වූ සීවලී මහ රහතන් වහන්සේ සීවලී කුමාරයා ලෙස සුප්පාවාසා බිසවට දාව අවුරුදු 7යි, මාස 7යි, දින 7ක් මවු කුස තුළ සිටි බවට පැවසෙන පුවත වඩාත් ඉස්මතු කිරීමට ඇමෙරිකාවෙන් වාර්තා වන මෙම පුවත ඉවහල් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



