නවසීලන්තයේ නේවාසික ගොඩනැගිලි සහ ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීම තහනම් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එරට වත්මන් රජය අවධානය යොමුකර තිබේ.
පසුගිය වසර කිහිපය තුළ එරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ මිල ගණන් අහස උසට ඉහළ යෑම මේ තත්ත්වයට හේතුව බව කියයි.
පසුගිය වසරේදී පමණක් සාමාන්‍ය නිවස මිල ගණන් 5.8%කින් ඉහළ යන විට, රටේ මිල අධිකම නගරය ලෙස සැලකෙන ඔක්ලන්ඩ්හි නිවාස මිල ගණන් 1.8%කින් ඉහළ ගොස් ඇති බව නවසීලන්ත දේපොළ වෙළෙඳාම් ආයතනය පවසයි.
එරට වෙළෙඳ අමාත්‍ය ඩේවිඩ් පාර්කර් පවසා සිටියේ ගෝලීය ධනවාදයේ ඇතැම් දුරාචාරයන්ගෙන් නවසීලන්තය බේරාගැනීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.
නවසීලන්තය තුළ නේවාසික ගොඩනැගිලි හා ඉඩම් මිලදී ගැනීමේදී විදේශිකයන්ගේ ක්‍රියාකාරකම් මේ ආකාරයෙන් එහි දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ මිල ගණන් අහස උසට ඉහළ යෑමට හේතු වී ඇති බව කියැවෙයි.