නවසීලන්තයේ උසම කන්ද ලෙස සැලකෙන ‘මවුන්ට් කුක්’ හෙවත් ‘අඕර්කි’ කන්ද ගිලා බැස ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ඔවුන්ගේ නිරීක්ෂණයන්ට අනුව මෙම කන්දේ මීට පෙර සිදුකරන උස ගණනය කිරීම් හා සැසඳීමේදී මේ වනවිට මීටර් 30 කින් පමණ කන්දේ උස අඩුවී තිබේ.
නවසීලන්තයේ උසම කන්ද ලෙස සැලකෙන ‘අඕර්කි’ කන්දේ උස මීටර් 3,754ක් ලෙස මීට පෙර සඳහන් වුණද, එහි නවතම ගණනය කිරීම් අනුව දැන් කන්දේ උස මීටර් 3,724ක් දක්වා අඩුවී ඇති බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
කෙසේ වෙතත් ‘මවුන් කුක්’ හෙවත් ‘අඕර්කි’ කන්ද තවමත් නවසීලන්තයේ උසම කන්ද ලෙස සැලකෙන අතර, ඊට පසුව උසින් වැඩිම කන්ද වන්නේ මීටර් 3,497ක් උස ‘ටැස්මන්’ කන්දයි.