ඇමෙරිකාවේ වොෂිංටන් හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් මාරාන්තික තුවාල ලබා සිටි දෙවැනි දැරියද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙයි.
14 හැවිරිදි ගිආ සොරිආනො නමැති ශිෂ්‍යයා පසුගිය සිකුරාදා දිනයේ තම පාසලේදී සිදුකළ වෙඩි තැබීමෙන් පසු ඔහුටද වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.
මියගිය දැරියගේ පවුලේ උදවිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ වගකීමෙන් තොර මේ ප්‍රහාරය මහා සංහාරයක් බවයි.
මෙම වෙඩි තැබීම් හේතුවෙන් මීට පෙර තවත් දැරියක් මිය ගොස් තිබුණි.
ඔහුගේ වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ තවත් සිසුන් තිදෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.
පාසලේ ආපන ශාලාවේදී ඔහු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ආපන ශාලාවේ සිටි සිසුන්ගේ හිස ඉලක්ක කරමින් වෙඩි තබා ඇති බවද කියැවෙයි.
මෙම ප්‍රහාරයට නව යොවුන් වියේ ආදරයක් හේතුවී ඇති බවටද තොරතුරු පවතින අතර, ශිෂ්යාවයක් දිනාගැනීම වෙනුවෙන් පැවති සටනක් දුරදිග යාමෙන් මේ ඛේදවාචකය සිදුව තිබේ.