නව ජනපති ට්රම්ප් ප්රථම විදෙස් සංචාරය අරඹයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් එරට ජනපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්රථම නිල විදෙස් සංචාරය අරඹමින් සෞදි අරාබිය වෙත පිටත්ව ගොස් තිබේ.
දින 08ක සංචාරයේදී ජනාධිපතිවරයා ඊශ්රායලය, පලස්තීන කලාපය, බෙල්ජියම, වතිකානුව හා ඉතාලියේ සිසිලි දූපත් වෙත ගමන් කරනු ඇති බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එෆ්.බී.අයි. ප්රධානී ජේම්ස් කොමේ සිය ධුරයෙන් ඉවත්කිරීමත් සමග ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය තුළ ඔහු මෙම සංචාරයේ නිරත වන බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ට්රම්ප් සිය සංචාරයේදී ක්රිස්තියානි, යුදෙව් හා ඉස්ලාම් යන ආගම් තුනම නියෝජනය කරන ප්රමුඛ මූලස්ථානයන් සහිත නගර වෙත සංචාරය කිරීමද විශේෂත්වයකි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා සෞදියට ළඟා වීමට පැය කිහිපයක් තිබියදී සෞදි ආරක්ෂක අංශ පවසා සිටියේ යේමනයේ හොයුතු කැරලිකරුවන් විසින් රියද් අගනගරයට දකුණු දෙසින් එල්ල කරන ලද රොකට් ප්රහාරයක් තම හමුදා විසින් බිම හෙළු බවයි.
එමෙන්ම, අනතුරුව සෞදි ප්රහාරක යානා විසින් යේමනයේ සානා අගනුවරට ආසන්න හොයුතු කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත දරුණු ප්රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

