ඉස්ලාමීය, අන්තවාදී බෝකෝ හරාම් ත්රස්තවාදීන් විසින් පැහැරගැනු ලැබූ නයිජීරියානු පාසල් ශිෂ්‍යාවන් පිරිස බේරා ගැනීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම සිදුකරන බව මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අවධාරණය කළේය.
බී.බී.සී.යේ ඇන්ඩ්‍රෘ මාර් ෂෝ නමැති වැඩසටහනට පෙනී සිටිමින් බ්‍රින්ග් බැක් අවර් ගර්ල්ස් යන පුවරුවක් ප්‍රදර්ශනයට කිරීමටද බ්‍රිතාන්‍ය අගමැතිවරයා කටයුතු කළේය.
ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මෙම ඡායාරූපයද මේ වනවිට අන්තර්ජාලය හරහා වේගයෙන් හුවමාරු වන අතර, මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාද මේ ආකාරයෙන්ම ඡායාරූපයක් සමාජ ජාල වෙබ්අඩවිවලට මුදා හැර තිබුණි.
මේ වනවිටත් බෝකෝ හරාම් ත්රස්තයන්ට එරෙහිව ඇමෙරිකාව, ප්‍රංශය මෙන්ම චීනයද නැගී සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම, ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ විශේෂඥයන් පිරිසක් මේ වනවිටත් නයිජීරියාවට පැමිණ සිටින්නේ මෙකී මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම ලබාදිම සඳහාය.