නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකිරීමට පෙර අත්අඩංගුවට පත් ගැහැණු දරුවන් දෙදෙනා මීට වසර දෙකකට පෙර බොකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගනු ලැබූ ගැහුණු දරුවන්ද යන්න පිළිබඳ එරට රජය විසින් පරීක්ෂණ අරඹා තිබේ.
උතුරුදිග කැමරූන් ගම්මානයක් වන ලිමානි වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වූ තරුණියන් තිදෙනෙකු පිළිබඳ අවධායෙන් සිටි අයෙකු විසින් මෙම විනාශය නවතාගෙන තිබේ.
මෙහිදී එක් තරුණියන් බේරී පළාගොස් ඇති අතර, අත්අඩංගුවට පත් තරුණියන් 2014 අප්‍රේල් මාසයේදී නයිජීරියාවේ, චිබොක් ගම්මානයේදී පැහැරගත් ගැහැණු දරුවන් 276 දෙනා අතර සිටි අයෙකු බව විශ්වාස කෙරෙයි.
මෙසේ පැහැරගනු ලැබූ තරුණියන්ගෙන් 50ක් පමණ බේරී පළා ආ අතර සෙසු තරුණියන් විවිධ වධබන්ධනයන්ට, ලිංගික අඩන්තේට්ටම්වලට මෙන්ම බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට සම්බන්ධ කරගැනීම්වලට ගොදුරු වූ බව කියැවුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමට එරට ආරක්ෂක කටයුතු කරමින් සිටියි.