ඇමෙරිකානු ධවල මන්දිරයේ මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ මයික් ඩුබ්ක් සිය ධුරයෙන් ඉවත්වී තිබේ.
වඩාත් පළපුරුදු හා මූලෝපායෙහි දක්ෂයෙකු ලෙස ප්‍රකට මයික් පසුගිය මැයි මාසයේදී මෙම ධුරය සඳහා පත්කරනු ලැබුවේ ධවල මන්දිරයේ මාධ්‍ය ව්‍යුහය උඩු යටිකරු කරන අටියෙනි.
කෙසේ වෙතත්, මේ වනවිට මයික් සිය ධුරයෙන් ඉවත්වී අති නිසා ධවල මන්දිර මාධ්‍ය ලේකම් සීන් ස්පයිසර් මෙම ධුරය සඳහා පත්වනු ඇති බවද කියැවෙයි.
මෙය ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායමේ අපිළිවෙළ විදහා දැක්වූ අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය චෝදනා කරයි.