බ්‍රසීල ජනපති ඩිල්මා රොවුසෙෆ්ට එරෙහිව ක්‍රියාත්මක වන දෝෂාභියෝගය කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නක් බව ජනාධිපතිවරිය පවසා තිබේ.
පසුගියදා එරට කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් පැවැත්වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඩිල්මා පරාජයට පත්වූ අතර, එහිදී බහුතර පුරුෂ ආධිපත්‍යයක් ඇති පහළ මන්ත්‍රී මණ්ඩලය 'ගුඩ්බායි ඩියර්' යැයි පවසමින් ජයග්‍රහණය සැමරූ බව කියැවෙයි.
රොයුසෙෆ්, බ්‍රසීලයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය වන අතර, අයවැය නීති උල්ලංඝනය කළේ යැයි පවසමින් ඇයට එරෙහිව දෝෂාභියෝගය ක්‍රියාත්මක වෙයි.
බ්‍රසීලයේ සමස්ත ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවත්, 513ක් වූ එරට පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් කාන්තා නියෝජනය 45 ක් පමණක් බවද කියැවෙයි.
එමෙන්ම, බ්‍රසීලයේ ප්‍රධාන සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවලින් කාන්තාවන්ට ඇති දායකත්වය 6.3% ක් පමණක් බවද කියැවෙයි.