ඉන්දියානු දේශපාලඥයෙකුගේ මාරාන්තික ප්‍රහාරයකට ගොදුරු වූ එරට පොලීසියට අනුයුක්ත අශ්වයෙකු සිය තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශක්තිමාන් නමැති මෙම අශ්වයාගේ පසුපස ඝාතයක් මෙම පහරදීමෙන් බිඳී තිබූ අතර, එම සත්වයාට කෘත්‍රිම පාදයක් යොදා තිබුණි.
කෙසේ වෙතත්, බිඳී ගිය පාදයට ප්‍රතිකාර කිරීම සඳහා සත්වයා නිර්වින්දනය කළ අවස්ථාවේදී එම සත්වයා හදිසි කම්පන අවස්ථාවකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, මෙම අශ්වයාට ප්‍රහාර එල්ල කළ ගනේෂ් ජෝෂි නමැති දේශපාලඥයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යළි නිදහස් කර තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.