ඔස්ට්‍රේලියානු දේශපාලඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක අත්වැරැද්දකින් අන්තර්ජාලයට එක්වුවත්, ඒ පිළිබඳව අනාවරණය වී තිබෙන්නේ ඉන් මාස තුනකට පසුව බව වාර්තා වේ.
එම දේශපාලඥයන්ගේ දුරකථන ඇමතුම් හා දත්ත සඳහා වූ වියදම් පිළිබඳ පාර්ලිමේන්තු වාර්තාවක් මේ ආකාරයෙන් අන්තර්ජාලයට මුසුවීමෙන් මෙම අංක හෙළි වී තිබේ.
පරිගණක තිරය මත සුදු පැහැයෙන් යුතුව එම අංක සඳහන් කර තිබූ නිසා තිරය මතුපිට ඒවා ප්‍රකට නොවූවත්, එම අංකය කොපි කිරීමෙන් වෙනත් ගොනුවක තැන්පත් කර එය පහසුවෙන් කියවා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.
ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ආකාරයට එරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙකුගේද පෞද්ගලික දුරකථන අංක මේ ඔස්සේ පිටස්තර ලෝකයට හෙළි වී තිබේ.