දේශගුණික විපර්යාසයන් පිටුදැකීම වෙනුවෙන් වූ පැරිස් සම්මුතිය සඳහා සියලු ජාතින්ගේ සහාය ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි පරිශ්රමයක නිරත වෙයි.
මෙම සම්මුතිය සමග එක්වීම සඳහා තවත් බොහෝ රටවලට සිය රටවල පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යව ඇතත්,ඊට අත්සන් තැබීමේ ලෝක රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී අද ආරම්භ වේ.
කෙසේ වෙතත්, එය දැනට රාජ්‍යයන් 55ක් පමණ එකඟත්වය ලබාදී ඇති බවත්, එම රාජ්‍යයන් මිනිසා විසින් නිර්මාණය කරනලද හරිතාගාර වායූන් 55% කට වගකිව යුතු බවත් කියැවෙයි.
මේ අතර, ඇතැම් විශේෂඥයන්ට අනුව මෙම රාජ්‍යයන් 55 ට අමතරව තවත් රාජ්‍යයන් මෙම වසර තුළ මේ සමග සම්බන්ධ වනු ඇත. එමෙන්ම, මෙම සම්මුතියට අත්සන් කරන අවස්ථාව සඳහා ලෝකයේ රාජ්‍යයන් 60කවත් නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලාපොරොත්තු වෙයි.