ප්‍රථම අභ්‍යවකාශ ෂටල මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ සහ දෙවරක් සඳ වෙත පා තැබූ ඇමෙරිකානු ජාතික ගගනගාමී ජෝන් යන්ග් අවුරුදු 87ක් ආයු වළඳා දිවියෙන් සමුගෙන තිබේ.
නාසා ආයතනයේ ප්‍රධානී රොබට් ලයිට්ෆුට් පවසා සිටියේ නාසා ආයතනයට මෙන්ම ලෝකයට පුරෝගාමියෙකු අහිමි වූ බවයි.
ගෙමිනි, ඇපොලෝ සහ අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් සඳහා සහභාගි වී ඇති එකම ගගනගාමියා ලෙසද ඔහු ඉතිහාසයට එක්ව ඇත.
එමෙන්ම, අභ්‍යවකාශයේ සිටි තවත් ගගනගාමියෙකු වෙත ත්‍යාගයක් ලෙස සැන්ඩ්විච් එකක් හොරෙන් රැගෙන ගොස් පසුව අනාවරණය වූයේද ඔහුය
වසර 42ක ගගනගාමී දිවියට සමුදෙමින් 2004 වසරේදී ඔහු නාසා ආයතනයෙන් විශ්‍රාම ගත් අතර, පසුගිය සිකුරාදා දිනයේදී ඔහු සිය දිවියට සමුදුන්නේ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙනි.