ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ නොයිඩා හි අධ්‍යාපනය ලබන නයිජීරියානු සිසුන් පිරිසක් වෙත සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව එරට විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් පවසයි.
මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් ඉන්දීය සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම පහරදීම සිදුවී ඇති අතර, මෙම නයිජීරියානු සිසුවා එම ඉන්දීය සිසුවාට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට ඉන්දීය සිසුවාගේ දෙමවුපියන් විසින් චෝදනා කර ඇති බවත් පැවසෙයි.
ඒ අනුව, සඳුදා දිනයේදී නයිජීරියානු සිසුන් පස් දෙනෙකු දැඩි පහරදීමකට ලක්ව ඇති අතර, තවත් අයෙකු ඉන්දියාවේ වෙළෙඳ සැලක් තුළදී පහරදීමට ලක්ව තිබේ.
ඉන්දීය පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටින බවයි.
උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආධිත්‍යනාත් සමග තමන් දැනටමත් මේ සම්බන්ධයෙන් කතා කර ඇති බව පැවසූ විදේශ ආමාත්‍යවරිය, මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට ප්‍රධාන අමාත්‍යවරයා සහතික වූ බවද පවසා සිටියි.