දෙවැනි ගණයේ දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය (නයිස්) කටයුතු කර ඇති බව පැවසෙයි.
දෙවැනි ගණයේ දියවැඩියාව අන්ධ භාවය, ශරීරයේ කොටස් ඉවත් කිරීමට සිදුවීම, මෙන්ම හෘද ආබාධ ඇති කිරීමට හේතු වන බව පැවසෙයි.
ශරීරයේ අධික බර දියවැඩියාව ඇති කිරීමට එක හේතුවක් ලෙස හඳුනා ගෙන ඇති අතර, නවතම පරීක්ෂණයකට අනුව ස්ථුල බව පාලනය කිරීමෙන් දියවැඩියාව වැළඳීම වළක්වා ගැනීමට හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍යයේ නයිස් ආයතනය විසින් මෙසේ සොයාගෙන තිබේ.
‘ගැස්ට්‍රයිටික්ස් බයි පාස්’ නමැති ශල්‍ය කර්මය මගින් අධි බර පාලනය කිරීම සිදු කෙරෙන අතර, එමගින් දියවැඩියාව වැළඳීම වැළැක්වීම නයිස් ආයතනයේ නව සොයා ගැනීමයි.
පසුගිය වසර දහය තුළ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වූ පුද්ගලයන් සියලු දෙනා මෙම ශල්‍ය කර්මයට සුදුසු බව ‘නයිස්’ ආයතනය පෙන්වා දෙන අතර, එහි සභාපති ආචාර්ය මාක්ස් බේකර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ ආහාර පාලනය මගින් සහ ව්‍යායාම මගින් අධික බරින් පීඩා විඳින රෝගීන්ගේ ශරීර බර අඩු කර ගැනීමට උපකාර කිරීමට ඔවුන් දිගටම උත්සාහ කරන බවයි.