පිරිමි වෙස් ගනිමින් දෑවැද්ද වෙනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගත් ඉන්දීය ජාතික තරුණියක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ක්‍රිෂ්ණා සෙන් යනුවෙන් හැඳින්වෙන මෙම තරුණිය පසුගිය බදාදා දිනයේදී ඉන්දියාවේ උතුරුදිග උත්තර්ඛාන්ද් ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබුණේ දෑවැදි ආරවුලක් සමගිනි.
මෙම දෑවැදි අර්බුදය පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුකරන අතරතුර මෙම විවාහක සැමියා කාන්තාවක බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කරගත් බව පොලීසිය කියයි.
26 හැවිරිදි වියේ පසුවන ස්විටී නමැති තරුණිය සෙන් යනුවෙන් තම නම වෙනස් කරගෙන සිය පළමු විවාහය කරගෙන ඇත්තේ 2014 වසරේදීය.
ඉක්මණින්ම සිය පළමු කසාදයෙන් වෙන්වූ ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිය දෙවැනි විවාහය සිදුකරගෙන තිබේ.
කෙසේ වෙතත්, ඇයගේ පළමු කසාදයේ බිරිඳගේ පියා විසින් පොලීසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් විභාගයට ගැනීමේදී මෙම උභතෝකෝටික අර්බුදය ලිහා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
තම දියණියගෙන් දෑවැද්ද ඉල්ලා ඇයගේ සිවාමියා හෙවත්, මෙම තරුණිය නිතර ඇයට අඩන්තේට්ටම් කළ බවත්, ව්‍යාපාරයක් ආරම්භ කරන බව කියා ඉන්දීය රු.850,000ක් තමන්ගෙන් ඉල්ලාගෙන ගියත් තවම එය නොලැබුණු බවත් පවසමින් මෙම පොලිස් පැමිණිල්ල යොමුව තිබුණි.
ඇය පොලීසියට හසුවීමෙන් පසුව සිය පාපොච්චාරණයේදී පවසා ඇත්තේ තමන්ට සෑම විටම පිරිමියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය වූ බවයි. ඇය කිසිම විටෙක තම විවාහක බිරින්ඳෑවරුන් ඉදිරියේ ඇඳුම් ඉවත් කර නොමැති අතර, ඔවුන් සමග ලිංගික සබඳතා පවත්වා නොමැති බවද කියැවෙයි.
එමෙන්ම, බොහෝ විට ඇයට පිරිමි මිතුරන් පමණක් සිටි බවත්, ඇය පිරිම වැසිකිලි පාවිච්චි කළ බවත් පාපොච්චාරණයේදී හෙළි වී ඇත. පිරිමින් සමග මතටද ලොල්වී සිට ඇති ඇය, යතුරුපැදිවල නැගී හරි හරියට පිරිමියෙකු මෙන් ගමන් කර ඇති බවද කියැවෙයි.
පිරිමි කොණ්ඩා මෝස්තරයකින් සැරසුණු, පිරිමි හැසිරීම් පෙන්වන මෙම තරුණිය ඇවිදින විට පවා කිසිදු චකිතයකින් තොරව පිරිමි ස්වරූපයක් පෙන්වූ බව මෙම පරීක්ෂණය මෙහෙය වූ පොලිස් නිලධාරීහු පවසති.
දකුණු ආසියාව තුළ දෑවැද්ද විවාහය සමග බැඳුණු සම්ප්රදායක් වුවත්, වර්ෂ 1961 දී ඉන්දියාව තුළ දෑවැද්දක් ඉල්ලා සිටීමට නීතියෙන් අවසරයක් නොමැත.