ගැහැණු දරුවන් 12 දෙනෙකු සමග පවුල් කමින්, ඒ අතර සිටි 18 හැවිරිදි දැරියට දාව දරුවන් දෙදෙනෙකුද සිටින පියෙකු වන 51 හැවිරිදි ඇමෙරිකානු, පෙන්සිල්වේනියානු වැසියෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
ලී කප්ලාන් නමැති මෙම තැනැත්තා වයස අවුරුදු 6 සිට 18 දක්වා වයස්වල දැරියන් පිරිසක් පිරිවරාගෙන රහසිගත ජීවිතයක් ගෙවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඔහුට දාව දරුවන් දෙදෙනෙකු ලබා සිටින දැනට 18 වැනි වියෙහි පසුවන දැරිය වයස අවුරුදු 14 දී මුලින්ම ගැබ් ගෙන ඇති බවද කියැවෙයි. ඇයගේ දෙමවුපියන් විසින් ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතා පිරිමසා ගැනීමට මෙම තැනැත්තා ලබාදුන් මූල්‍ය පරිත්‍යාගයකට හිලව්වක් ලෙස ඇයව මෙම තැනැත්තාට ලබාදී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ස්ත්‍රී දූෂණය, බාලවයස්කාරියන් දූෂණය කිරීම, බරපතල අශෝභන හැසිරීම, බාලවයස්කරුවන් සමග නීතිවිරෝධී සබඳතා පැවැත්වීම ආදී චෝදනා රැසක් ඔහු වෙත එල්ල වී තිබේ.
අසල්වාසීන්ගෙන් ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, පොලීසිය පෙන්වාදෙන පරිදි මෙම දැරියන් මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා තබා තිබේ.