දැඩි සීතල - IS බිය සමග 2018 ලොව පිළිගත් හැටි
ඇමෙරිකාව සහ යුරෝපා කලාපයට බලපා ඇති දැඩි සීත කාලගුණයත්, IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ ප්‍රහාර බියත් හේතුවෙන් මෙවර නව වසර උදාව තරමක තිගැස්මකින් යුතුව පිළිගැනීම ලෝකය පුරා දැකගත හැකි විය.
මෙවර, නිව්යෝක් ටයිම්ස් චතුරස්රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 12ක අගයක් ගෙන ඇති අතර, ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතැම් නගරවල දැඩි හිම පතනය හේතුවෙන් නගර කිහිපයක නව වසර උදාව වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහන් රැසක් අවලංගු කිරීමටද සිදුව තිබූ බව විදෙස් වාර්තාවල දැක්වුණි.
එමෙන්ම, IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් එක්සත් ජනපදය හා යුරෝපයේ ප්‍රධාන නගර වෙත නත්තල් සහ නව වසර උදාව සිදුවන සමයේදී ප්‍රහාර දියත් කරන බවට සිදුකර ඇති අනතුරු ඇඟවීම් හේතුවෙන් පෙර නොවූවිරූ ආකාරයේ ආරක්ෂාවකින් ඇමෙරිකානු සහ යුරෝපා නගර සන්නද්ධ කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, දැඩි සීතල මධ්‍යයේ පවා නිව්යෝක්, ටයිම්ස් චතුරස්රයට විශාල පිරිසක් ඒකරාශී වී සිටි අතර, යුරෝපයේ සෙසු රටවලද නව වසරේ උදාව ගිනිකෙළි සංදර්ශන සහිතව මහත් උත්සවශ්‍රීයෙන් සැමරුණි.
ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රියාව
ඩුබායි
ප්‍රංශය
ජර්මනිය
ග්‍රීසිය
හොංකොං
ලිතුවේනියාව
මහා බ්‍රිතාන්‍යය
නෙදර්ලන්තය
ඇමෙරිකාව
රුසියාව
ස්පාඤ්ඤය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






























