දශක තුනක ඉතිහාසයේ ප්රංශයේ ඇති වූ බිහිසුණුම රිය අනතුරින් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්රංශ බලධාරීහු පවසති.
වැඩිහිටියන් පිරිසක් රැගත් බස් රථයක් හා ට්රක් රථයක් එකිනෙක ගැටීමෙන් ඇති වූ ගින්නක් නිසා මෙසේ ජීවිත හානි වැඩිවී ඇති බවද කියැවෙයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ගිරොන්ඩේ පාළාතේ, පුයිසෙන්ගුයින් නගරය ආසන්න ග්රාමීය මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේදී විශ්රාමිකයන් 50 දෙනෙකු පමණ බස් රථයේ සිටි බව කියැවෙයි.