ටිබටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් තමන්ගේ සංචාර සහ ඉගැන්වීම් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන නවතම ඇප් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
82 හැවිරිදි වියේ පසුවන දලයි ලාමා තුමන්ගේ ට්විටර් ගිණුමේ අනුගාමිකයෝ මිලියන 16ක් ඉක්මති.
නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි මෙම ඇප් වැඩසටහන දැනට අයිෆෝන් සඳහා පමණක් සීමා කර ඇති අතර, එහි දලයි ලාමා තුමන් පිළිබඳ විවිධ ප්රවෘත්ති, ඡායාරූප, වීඩියෝ දසුන් මෙන්ම එතුමන්ගේ ඉගැන්වීම්ද අඩංගු බව සඳහන් වෙයි.
දලයි ලාමා තුමන්ගේ නව ඇප් වැඩසටහන දලයි ලාමා ලෙස සඳහන් කර ඇති අතර, මෙය ආගමික සංස්ථාවකින් නිකුත් කළ ප්‍රථම ඇප් වැඩසටහන නොවන බවද කියැවෙයි.
