දරු සම්පත් නොමැති ස්ත්රීන්ට හා පුරුෂයන්ට වඩා දරුවන් ලැබූ පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ බව නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි.
ස්වීඩනයේදී පුද්ගලයන් ලක්ෂ 15ක් යොදාගෙන සිදුකරන ලද මෙම සමීක්ෂණයෙන් මෙම කරුණු හෙළි වී ඇති අතර, වර්ෂ 1911 සිට වර්ෂ 1925 දක්වා කාලය තුළ ඉපදුණු කාන්තාවන් හා පිරිමින් මෙම සමීක්ෂණයට බඳුන් වී ඇත.
ඒ අනුව, දරු සම්පතක් නොමැතිම අයට වඩා එක් දරුවෙකු හෝ සිටින අයෙකුගේ ජීවිත අවදානම අඩු බවත්, විශේෂයෙන්ම දෙමවුපියන් වයස්ගත වීමේදී බොහෝවිට දරුවන්ගෙන් ලැබෙන සැලකුම්ද මේ තත්ත්වයට හේතුවක් බවත් මෙම සමීක්ෂනයේදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත.