ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 60 දෙනෙකු පමණ ඔක්සිජන් සැපයුම අඩාල වීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් රෝහලේ ඇති වී තිබූ මෙම තත්ත්වය පිළිගෙන ඇතත්, දරුවන් මිය යාමට එය හේතුවක් නොවූ බවද සඳහන් කරති.
කෙසේ වෙතත්, මෙසේ රෝහල තුළ ඔක්සිජන සැපයුම අඩාලවීමත් සමග රෝහලේ කාර්ය මණ්ඩලය අතින් ක්‍රියාකරන ශ්වසන ආධාරක හරහා දරුවන්ට ඔක්සිජන් ලබාදීමට උත්හා කළ බවත්, ඒ අවස්ථාවේදී දැඩි කලබලකාරී ස්වරූපයක් රෝහල තුළ දක්නට ලැබුණු බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙසේ මියගිය දරුවන්ගෙන් වැඩි පිරිසක් අලුත උපන් බිලිඳු දරුවන් වන අතර, ඔවුන් පසුගිය සඳුදා සිට දින 5ක කාලයක් තුළ මේ ආකාරයට ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල රෝහල් තුළ මෙවැනි තත්ත්වයන් දැකිය හැකි අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අඩුපාඩු හේතුවෙන් සිදුවන අනතුරු බහුල බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.