දකුණු සුඩානය තුළ වසර දෙකකට අධික කාලයක් පැවති ගැටුම් නිරාකරණය වෙමින් එරට කැරලි නායක රියේක් මචාර් වෙත උප-ජනාධිපති පදවිය පිරි නමා තිබේ.
ඔහු වත්මන් හවුල් රජයේ ජනාධිපති සල්වා කීර් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟත්වය පළ කිරීමත් සමග, ගුවන් මගින් යළි ජූබා අගනගරය වෙත පැමිණියේය.
දකුණු සුඩානය තුළ ඇති වූ මෙම සිවිල් අර්බුදය හේතුවෙන් දස දහස් ගණනකට ජීවිත අහිමි වූ අතර, තවත් මිලියන ගණනකට උන්හිටි තැන් අහිමි විය.
කැරලි නායක මචාර් 2013 දෙසැම්බර් මාසයේදී එරට තුළ ගැටුම් උත්සන්න වත්ම රට හැර පළා ගියේ, රජය පෙරළීමට කුමන්ත්රණය කළේ යැයි චෝදනාවකට ලක්වීමෙනි.