ධුරයෙන් පහකළ දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ග්වෙන්-හයි සිය ජනපති නිල නිවස හැරයද්දී ඇය සතුව සිටි සුනඛයන් අත්හැර දමාගොස් ඇති බවට එරට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන චෝදනා කරයි.
මිත්‍ර සංග්‍රහයක් ඇතුළු විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇයට එරෙහිව පැවති ජනමතවිචාරණ ප්‍රතිඵලය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කිරීමෙන් පසුව හිටපු ජනපතිනියට සිය ධුරය අහිමි විය.
ඒ අනුව, දකුණු කොරියාවේ ජනාධිපතිවරණය එලඹෙන මැයි 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය සතියේදී ධුරයෙන් පහ කිරීමත් සමග ජනපති මැදුර අත්හැර ගිය පාර්ක් ග්වෙන්-හයි එහි හැදී වැඩුණු සුරතල් සුනඛයන් 9 දෙනා අත්හැර සිය පෞද්ගලික නිවසට යෑම පිළිබඳව මෙසේ අලුත් චෝදනාවක් එල්ල වී තිබේ.